නෙට්බෝල් හා කැරම් ශූරයින් ජනපති හමුවෙයි

නෙට්බෝල් හා කැරම් ශූරයින් ජනපති හමුවෙයි

by Staff writer 13-09-2018 | 9:58 PM
COLOMBO (News 1st) - ආසියානු නෙට්බෝල් ශූර ශ්‍රී ලංකා කණ්ඩායම සහ කැරම් ලෝක කුසලානය දිනූ කණ්ඩායම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදු වූ අතර ඊට නෙට්බෝල් සහ කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන්, ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.