ගාලු මුහුදේ බෝට්ටු අනතුරින් දිවි බේරාගත් ධීවරයා...

ගාලු මුහුදේ බෝට්ටු අනතුරින් දිවි බේරාගත් ධීවරයා...

by Sagarika Chathumali 13-09-2018 | 8:30 AM
COLOMBO (News 1st) : ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් ධීවරයින් 4 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් මත පරීක්ෂණ ආරම්භ කළ බවයි. ඊයේ අලුයම මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බේරුවලින් මුහුදු ගිය මලිඳු පුතා නමැති ධීවර යාත්‍රාවකි. අනතුර සිදුවන විට බෝට්ටුවේ ධීවරයින් 7 දෙනෙකු යත්‍රාවේ සිට තිබේ. අනතුරින් තවත් ධීවරයින් තවත් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර එක් ධීවරයෙකු දිවි බේරාගනු ලැබු තිබේ. ධීවරයින්ගේ මෘත ශරීර ඊයේ රාත්‍රි ගාල්ල නාවික හමුදා කඳවුරට ගෙන එමෙන් පසුව කරාපිටිය ශික්ෂණ රොහල වෙත රැගෙන විත් තිබේ. පෙරළුණු යාත්‍රාවේ පුද්ගලයකු සිටින බවට බහාලුම් නෞකාවක් මගින් නාවික හමුදාවට කළ දැනුම්දීමකට අනුව ඊයේ දහවල් නාවික හමුදාව ඩෝරා යාත්‍රාවක් පිටත් කර යවා තිබිණ. එහිදී අදාළ ධීවරයා බේරාගෙන ඇති අතර කිමිඳුම්කරුවන් යොදවා කළ සෝදිසි කිරීමකදී මළ සිරුරු 4 ක් සොයාගෙන තිබේ. නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ, අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා යොයා තවදුරටත් හේහෙයුම් ක්‍රියාත්මක බවයි. කෙසේ වෙතත් මේවන විට සිද්ධිය සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව ද පරික්ෂණයක් ආරම්භ කර තිබේ. https://www.youtube.com/watch?v=3FHpAzWr2gE