කතරගම, දෙටුගමුව සමෘද්ධි බැංකුවේ කොල්ල කෑමක්

කතරගම, දෙටුගමුව සමෘද්ධි බැංකුවේ කොල්ල කෑමක්

by Staff writer 13-09-2018 | 5:21 PM
COLOMBO (News 1st) - කතරගම, දෙටුගමුව සමෘද්ධි බැංකුව කොල්ල කා රුපියල් 790,000කට අධික මුදල් පැහැර ගෙන ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද උදෑසන 8.15ට පමණ බැංකුව විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ එහි දොර සහ ජනේලයක් කඩා දමා ඇති අතර CCTV කැමරා පද්ධතිය ගලවා ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව ය. සැකකරුවන් මුදල්වලට අමතර චෙක්පතක් ද කොල්ල කා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සොකෝ නිලධාරීන් සහ ඇඟිලි සලකුණු නිලධාරීන් විමර්ශන ආරම්භ කළ බව පොලීසිය සඳහන් කළේ ය.