මෙරට ඉන්දීය මහ කොමසාරිස් ත්‍රිකුණාමලයේ සංචාරයක

ඉන්දියාව, ලංකාවේ වෙළෙඳපොළට ඇතුළු වෙන්න හදනවා කියලා හිතන එක විහිළුවට කරුණක් - ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්

by Staff writer 13-09-2018 | 7:58 PM
COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරය කරද්දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා අද ත්‍රිකුණාමලයේ සංචාරය කළේ ය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා අද පෙරවරුවේ ත්‍රිකුණාමලයේදී නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් ඇමතුවේ ය. අද පස්වරුවේ මහ කොමසාරිස්වරයා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පරිශ්‍රයේ පිහිටි ලංකා ඉන්දීය තෙල් සමාගමේ කාර්යාලයට පැමිණියේ ය. එම අවස්ථාවේ ඔහු පිළිගැනීම සඳහා සවි කර තිබූ බැනරය ඔහුගේ පැමිණීමට පෙර ගලවා ඉවත් කළ අයුරු දැකගත හැකි විය.