අතිදුෂ්කර ජීවිත ගෙවන වසන්තපුරම් ජනතාව

අතිදුෂ්කර ජීවිත ගෙවන වසන්තපුරම් ජනතාව

by Staff writer 13-09-2018 | 1:53 PM
COLOMBO (News 1st) : ගම්මැද්ද ගෙයින් ගෙට තුන්වැනි අදියරේ 16 වැනි දිනය අදයි. අද පෙරවරුවේ කිතුලකන්ද ගමට ගිය ගම්මැද්ද කණ්ඩායම ජනතාව සමග සාකච්ඡා කරමින් පොදු ගැටලු විමසී ය. හිටපු අමාත්‍යවරයෙකු වන බී.සිරිසේන කුරේ මහතා ද අද එහි පැමිණ සිටි අතර News 1st නාලිකා ප්‍රධානී සුරංග සේනානායක මහතා ද මේ කණ්ඩායම සමග එක්ව සිටියේ ය. පවුල් 180 සිටින මේ කඳුකර ගමේ ප්‍රධාන ප්‍රශ්නය ජල හිඟයයි. ජනතාව විසින් ම සකසාගත් ජල ව්‍යාපෘතියක් ඇතත් විදුලි බිල ගෙවාගත නොහැකිව දැන් එය ඇණහිට තිබේ. මේ ගමේ කාන්තාවන් බොහෝ දෙනෙකු පුවක් සුද්ද කිරීමේ නිරතව සිටින අතරඔවුන් ගත කරන්නේ දැඩි දුෂ්කර ජීවිතයකි. පාපාමෝටෙයි ධීවර ගම්මානයේ කළපුව ආශ්‍රිතව කර්මාන්තයේ නිරත පවුල් 60ක් වාසය කරන අතර ඔවුන් ගත කරන්නේ බෙහෙවින් දුෂ්කර ජීවිතයකි. වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන අය ද මේ කළපුවේ ධීවර කටයුතුවල යෙදීම මේ ගම්වැසියන්ට ඇති මූලික ගැටලුවයි. බලධාරීන් මෙම ගැටලුවට නිසි අවධානය යොමු නොකරන බව ද ඔවුහු පැවසූහ. ජල හිඟය ද මේ ගම්මානයේ ඇති ප්‍රධාන ගැටලුවකි. වසන්තපුරම් යනු නිවාස ගැටලුව නිසා පීඩාවට පත් ජනතාවක් වෙසෙන ගමක්පවුල් 300ක් පමණ සිටින අතර කුඩා නිවහන් තනාගෙන ජීවත් වේ. කුලී වැඩක යෙදී ඉතා අපහසුවෙන් දවසේ වියදම සරි කරගන්නා මොවුන්ටඅනාගතය පිළිබඳව පැහැදිලි අදහසක් නොමැත. වැසිකිළි පහසුකම් නොමැති කමින්ද ඔවුහු දුෂ්කරතාවට පත්ව සිටිති. කැටවල ගම්මානයට පිවිසෙන ප්‍රධාන මාර්ගය අබලන් වීම මේ ජනතාවගේ ප්‍රධාන ගැටලුවයි.පවුල් 250 ක් පමණ භාවිත කරන මෙය වසර ගණනකින් ප්‍රතිසංස්කරණය කර නොමැත. හාලිඇල සිට මහනුවරට යාමට ඇති කෙටිම මාර්ගය මෙයයි. පවුල් 700 පමණ මෙහි වාසය කරන අතර ජලය නොමැතිකමින් විඳින්නේ දැඩි පීඩාවකි. ජලය ලබාගැනීමට අවශ්‍ය ටැංකි/ නළ ඇතුලු සියල්ල රැගෙන විත ඇතත්, මාර්ග ගැටලුව නිසා එය ප්‍රමාද වෙමින් පවතී. ජනතාව පැවසුවේ මේ වන විට සිදුවන්නේ මුදල් නාස්තිය පමණක් බවයි. මාර්ගය සකස් කර දීමෙන් සියලු ගැටලු විසඳෙන බව ජනතාව පැවසී ය. https://www.youtube.com/watch?v=_zJokkQkLq4