නවාස් ෂරීෆ්ට පැය 12ක නිදහසක්

සිය බිරිඳගේ අවසන් කටයුතුවලට සහභාගී වීමට නවාස් ෂරීෆ්ට පැය 12ක නිදහසක්

by Staff writer 12-09-2018 | 11:33 AM
(News 1st) - බන්ධනාගාරගතව සිටින පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්, සිය බිරිඳගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට ලාහෝරයට පැමිණ තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඔහු සමග බන්ධනාගාරගතව සිටින දියණිය මර්යාම් නවාස් ද ලාහෝරයේ නිවසට පැමිණ ඇති බව ය. අවමංගල්‍යයට සහභාගී වීම සඳහා රාවලන්පින්ඩි නුවර පිහිටි අඩිආලා බන්ධනාගාරයෙන් ඔවුන්ට ලබා දී ඇති කාලසීමාව පැය 12කි. පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ බිරිඳ වන කුල්සූම් නවාස් ඊයේ රාත්‍රියේ මිය ගියේ පිළිකා රෝගයක් හේතුවෙනි. ලාහෝර් නිවසට පැමිණීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මර්යාම් නවාස් සඳහන් කළේ, දින 5ක කාලයකට තමා සහ පියා නිදහස් කරන්නැයි පන්ජාබ් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව ය.