රුසියාව සිය විශාලතම යුද අභ්‍යාසය දියත් කරයි

රුසියාව සිය විශාලතම යුද අභ්‍යාසය දියත් කරයි

by Staff writer 12-09-2018 | 10:15 AM
(News 1st) - සීතල යුද්ධයෙන් අනතුරුව රුසියාව සිය විශාලතම යුද අභ්‍යාසය දියත් කළේ ය. ඒ, හමුදා භටයින් තුන් ලක්ෂයකගේ සහභාගීත්වයෙන් නැගෙනහිර සයිබීරියාවේදී ය. එය යුද ටැංකි 36000ක්, ගුවන් යානා 1000ක් සහ යුද නෞකා 80කින් සමන්විත ය. චීන හමුදා භටයින් 3200ක් සහ මොංගෝලියානු හමුදා භටයින් ඒ සඳහා එක්ව සිටීම ද විශේෂත්වයකි. වොස්ටොක් - 2018 ලෙස නම් කර ඇති එම යුද අභ්‍යාසය සතියක් පුරා පැවැත්වෙනු ඇති. රුසියාව අවසන් වරට මෙවැනි යුද අභ්‍යාසයක් පවත්වා ඇත්තේ 1981 වසරේදී ය. යුද අභ්‍යාසය අතරතුර නැගෙනහිර සයිබීරියාවේ වලදිවස්තොක් නුවරදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පින්ග් හමුවී තිබිණි. එහිදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සඳහන් කර තිබුණේ, දේශපාලන මෙන්ම ආරක්ෂක ක්ෂේත්‍රවලින් ද චීනය සමග විශ්වාසනීය බැඳීමක් පවතින බව ය.