ගෝඨාභය රාජපක්ෂ CIDය හමුවට

ගෝඨාභය රාජපක්ෂ CIDය හමුවට

by Staff writer 12-09-2018 | 10:59 AM
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. ඒ, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ය. සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හා හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් යළි ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව නීතිපතිවරයා පසුගිය නඩු වාරයේ අධිකරණයට දැනුම් දුන්නේ ය. ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියේ ඒ අනුව කළ කැඳවීමකට අනුව ය.