උතුරුමැද ආණ්ඩුකාර ලේකම් අධිකරණය හමුවට

උතුරුමැද ආණ්ඩුකාර ලේකම්ට අධිකරණයේ පෙනී සිටින්නැයි, නියෝග

by Staff writer 12-09-2018 | 4:02 PM
COLOMBO (News 1st) : උතුරුමැද පළාත් ආණ්ඩුකාර ලේකම්වරයාට, පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයාට සහ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබන පළමු වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝග කළේ ය. ඒ උතුරුමැද පළාත් සෞන්දර්ය ගුරුවරුන් බඳවා ගැනීමේදී තරග විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් තමන් නොසලකා හැර අඩු සුදුසුකම් සහිත 8 දෙනෙකු නීතියට පටහැනිව බඳවා ගත් බවට චෝදනා කරමින් සෞන්දර්ය ඩිප්ලෝමාධාරීන් 5 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ නීති විරෝධීව ලබා දී ඇති එම සෞන්දර්ය ගුරු පත්වීම් අවලංගු කරන නියෝගයක් නිකුත් කර ,විධිමත් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා පෙත්සම්කරුවන් සෞන්දර්ය ගුරුවරුන් ලෙස බඳවා ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසයි.