තරුණයින් 11ක් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය: ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ්

කර්තෘ Staff writer

12 Sep, 2018 | 11:11 am

COLOMBO (News 1st) – තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා ලබන 26 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, සැකකරු කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 19 වන දා විදෙස් සංචාරයකින් පසු යළිත් දිවයිනට පැමිණීමට නියමිත බව ය.

ඔහු දිවයිනට පැමිණීමෙන් පසු ප්‍රකාශක් ලබා ගෙන අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.