ජාතික සිරකරු සැමරුම් දිනයට සමගාමීව අද දවස පුරා සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව

ජාතික සිරකරු සැමරුම් දිනයට සමගාමීව අද දවස පුරා සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව

ජාතික සිරකරු සැමරුම් දිනයට සමගාමීව අද දවස පුරා සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව

කර්තෘ Staff writer

12 Sep, 2018 | 6:32 am

COLOMBO (News 1st) – ජාතික සිරකරු සැමරුම් දිනය අදට යෙදී තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් අද දිනය පුරා සිරකරුවන් හමුවීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව ලබා දී ඇති බව ය.

මීට අමතරව ඔවුන්ට ආහාර පාන ලබා දීමට ද ඥාතීන්ට අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර කොමිසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය.

මෙරට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව 20000කි.

ඒ අතුරින් 11000ක්ම රිමාන්ඩ් සැකකරුවන් ය.

බන්ධනාගාර 30ක ඔවුන් රඳවා ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.