English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
12 Sep, 2018 | 6:47 am
COLOMBO (News 1st)
1. ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා ආන්දෝලනාත්මක ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
2. ලබන මස පළමු වන දා සිට ක්‍රියාත්මක නව දුම්රිය ගාස්තු සංශෝධනය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
3. නිල නිවාස මෙතෙක් ලබා නොදුන් හිටපු අමාත්‍යවරුන් පිරිසකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.
4. සතොස මුදල් අවභාවිතය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණය ඊයේ නියෝග කළේ ය.
5. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා පොළී අනුපාත සීමා කරන ලෙසත් දැඩි නියාමන සම්මත කර ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
විදෙස් පුවත්
6. ෆ්ලෝරන්ස් සුළි කුණාටුව ළඟාවත්ම නැගෙනහිර අමෙරිකාවේ වෙරළ ආශ්‍රිතව දිවි ගෙවන මිලියනකට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ක්‍රීඩා පුවත්
7. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වීමට ගිය මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර තිබේ.
8. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එළැඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව වාර්තා වේ.
19 Feb, 2019 | 12:21 PM
19 Feb, 2019 | 09:52 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS