විනය විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ සිසුන්ට මහපොළ නැහැ

නවක වදය සිදුවීම්වලට සම්බන්ධව දඬුවම් නියමවන සිසුන්ට මහපොළ ශිෂ්‍යත්වය කපා හැරේ

by Staff writer 11-09-2018 | 7:16 AM

COLOMBO (News 1st) - නවක වදය සිදුවීම්වලට සම්බන්ධවී දඬුවම් නියම වන සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය කපා හැරීමට රජය තීරණය කර තිබේ.

මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලේ අධ්‍යක්‍ෂ පරාක්‍රම බණ්ඩාර මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන මගින් එවැනි වැරදිකරුවන්ට ලබා දෙන දඬුවම් කිසියම් කාල සීමාවකදී ලිහිල් කළ ද මහපොළ ශිෂ්‍යත්වය නැවත ලබා නොදීමට තීරණය කර ඇති බවයි. ශිෂ්‍යත්ව නැවත ලබා දෙන්නැයි අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ද සිසුන්ට හිමි නොවන බව ද ඔහු සඳහන් කළේ ය.