by Staff writer 11-09-2018 | 12:52 PM
'ආසියාන්' ලෝක ආර්ථික සමුළුව අද වියට්නාමයේ හැනෝයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වේ.
'ආසියාන්' ලෝක ආර්ථික සමුළුව පැවැත්වෙන්නේ, ආසියානු සංවිධානයට අයත් රටවල හා අනෙකුත් ආසියානු රටවල ඉහළ පෙළේ නායකයින්ගේ සහභාගීත්වයෙනි.
ඊට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් වියට්නාමයේ හැනොයි නුවරට ළඟා විය.
වියට්නාමයට ළඟා වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පිරිස නොයි බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පිළිගනු ලැබූවේ වියට්නාමයේ තොරතුරු සහ සන්නිවේදන කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය ග්යෙන් මාන් හං මහතා විසිනි.
එම අවස්ථාවට වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනිය ඇතුලූ නිලධාරීන් එක් ව සිටියහ.