කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්

ෆ්ලෝරෙන්ස් සුළි කුණාටුව හේතුවෙන් කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්

by Staff writer 11-09-2018 | 7:50 AM

ෆ්ලෝරන්ස් සුළි කුණාටුව ළඟාවත්ම නැගෙනහිර අමෙරිකාවේ වෙරළ ආශ්‍රිතව දිවි ගෙවන මිලියනකට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

විදෙස් වාර්තා අනාවරණ කළේ, 4 වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති ෆ්ලෝරන්ස් මේ වන විට පැයට කිලෝමීටර් 195 ක වේගයකින් හමායමින් ඇති බවයි. සුළි කුණාටුව අනිද්දා උතුරු හා දකුණු කැරොලිනා ප්‍රාන්තයට කඩා වදිනු ඇතැයි කාලගුණ බලධාරීන් පුරෝකථනය කර ඇත. ඒ අනුව මේ වන විටත් උතුරු හා දකුණු කැරොලිනා ප්‍රාන්තවලටත් වර්ජිනියා ප්‍රාන්තයටත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර අවසන් වේ.