
දැවිතෙල් කාන්දුව නිසා සාගර සම්පත්වලට සිදු වූ හානි ගැන නාරා ආයතනයෙන් විශේෂ විමර්ශනයක්
දැවිතෙල් කාන්දුව නිසා සාගර සම්පත්වලට සිදු වූ හානි ගැන නාරා ආයතනයෙන් විශේෂ විමර්ශනයක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – දැවිතෙල් කාන්දුව නිසා බලපෑමට ලක් වූ ප්‍රදේශවල මසුන් ආහාරයට ගැනීම සෞඛ්‍යට අහිතකර නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
එහි සමාන්‍යාධිකාරි ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, බලපෑමට ලක් වූ වෙරළ තීරය භාවිත කිරීමෙන් තවදුරටත් වැළකී සිටිය යුතු බවයි.
මේ අතර දැවිතෙල් කාන්දුව සමග සාගර සම්පත්වලට සිදු ව ඇති හානි සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බව නාරා ආයතනය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග මහතා සඳහන් කළේ, සිදුකළ පරීක්ෂාවේදී දැවිතෙල් කාන්දුවෙන් දික්ඕවිට සහ මීගමුව වෙරළ තීරයන්ට ද බලපෑම් එල්ල වී ඇති බවට අනාවරණ වූ බවයි.
කාන්දුව සමග මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මූලික විමර්ශන වාර්තාවක් ඉදිරි සති දෙක ඇතුළත ලබාදීමට සැළසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
මුතුරාජවෙල තෙල්ගබඩා සංකීර්ණය වෙත මුහුදේ සිට දැවිතෙල් රැගෙන එන නළයේ සිදු වූ කාන්දුව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, තෙල් ප්‍රවාහන නළ මාර්ග පැරණි තත්ත්වයේ පසුවීම හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇති වන බවයි.
නව නළ මාර්ග සවි කිරීම සඳහා මේ වන විටත් නව නළ ඇනවුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
- මැයි දිනය වෙනුවෙන් කිසිදු වැඩසටහනක් නොපැවැත්වීමේ තීරණයක්
- JUST IN : අන්තර්ජාලය හරහා කරන අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශවලින් සමාජය ආරක්ෂා කිරීමට නීති පැනවීමේ සූදානමක්
- මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා අත්අඩංගුවට
- ලංවිම සේවකයින්ට පහරදුන් මහනුවර පුෂ්පදාන මාවත අඳුරේ
- රු. බිලියන ගණනින් මහජන මුදල් කාබාසිනියා කළ කබ්රාල්ගේ කෙරුවාවන් ගැන තීනියාවල පාලිත හිමිගෙන් හෙළිදරව්වක්….
- අද පස්වරුවේ ත් ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි
- JUST IN : නිදහස් පක්ෂයේ අපි කොළඹදී මැයි දිනය පවත්වනවා” – හිටපු ජනපති
- වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනටත්
- උත්සව සමයේ අධිවේගී ආදායම මිලියන 300 පනී
- කොරෝනා මර්දන එන්නත්කරණයේ දෙවන අදියර ලබන 01 වැනිදා සිට ඇරඹේ – වසංගත රෝග විද්‍යා ඒකකය