English
தமிழ்
කර්තෘ Hashini De Mel
11 Sep, 2018 | 6:01 am
1. කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය: හිටපු හමුදා බුද්ධි අධ්යක්ෂවරයාට ඇප: මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු හමුදා බුද්ධි අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් අමල් කරුණාසේකර මහතා ඇපමත මුදා හැරිණි.
2. ජාතික ආරක්ෂාව පිළිබඳව සිදු කරන සාවද්‍ය ප්‍රකාශ හෙළා දකිනවා – ආරක්ෂක රාජ්‍ය ඇමති: ජාතික ආරක්ෂාව පිළිබඳව සිදු කරන සාවද්‍ය ප්‍රකාශ හෙළා දකින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, ජාතික ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් ඇතිව ත්‍රිවිධ හමුදාවන් ගනු ලබන තීරණ සම්බන්ධව දේශපාලන වාසි අපේක්ෂාවෙන් පිරිසක් මෙම ප්‍රකාශ සිදු කරන බව ය.
3. ලබන 12 වන දා ප්‍රදේශ කිහිපයකට පැය 8ක ජල කප්පාදුවක්: ලබන 12 වන දා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
4. ගෝඨාභය ඇතුලු හත් දෙනා ඇප මත මුදා හැරේ: රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 07 දෙනෙකුට එරෙහි නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.
5. අගමැති අද වියට්නාමයට – හිටපු ජනපති ඉන්දියාවට: තෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ වියට්නාමය බලා පිටත්විය.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙදින සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.
6. රුසියාවේ විරෝධතාවල නිරත වූ පුද්ගලයින් 800 කට අධික පිරිසක් අත්අඩංගුවට: රුසියාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයන් 800 කට අධික පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
7. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඩොලර් මිලියන 5.5ක් වංචා කිරීමේ සැලැස්ම හෙළිවෙයි: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක වංචාවක් වැළැක්වීමට හැකි වූ බව ය.
24 Feb, 2019 | 07:45 AM
23 Feb, 2019 | 10:46 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS