ලබන 12 වන දා ප්‍රදේශ කිහිපයකට පැය 8ක ජල කප්පාදුවක්

ලබන 12 වන දා ප්‍රදේශ කිහිපයකට පැය 8ක ජල කප්පාදුවක්

by Staff writer 10-09-2018 | 4:02 PM
COLOMBO (News 1st) - ලබන 12 වන දා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. පොල්ගොල්ල ජල සම්පාදන ක්‍රමයට අයත් ජල පිරිපහදු මධ්‍යස්ථානයේ නව ජල පොම්ප හා විද්‍යුත් පැනල සවි කිරීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේ ය. ඒ අනුව අමුණුගම පාර, 606 පාර, ලේවැල්ල, බාබර්වත්ත, සිරිමල්වත්ත, මඩවල පාර, පල්ලේගුන්නෑපාන, ගගපාර, දෙගල්දෝරුව පන්සල පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. නව ජල පොම්ප හා විද්‍යුත් පැනල සවි කිරීමේ කටයුතු අදියර දෙකක් යටතේ සිදු කිරීමට නියමිත බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.