by Staff writer 10-09-2018 | 8:43 AM
රුසියාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයන් 800 කට අධික පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ නව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයන් 839 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
නීති විරෝධි රැස්වීමක් සංවිධානය කිරීමේ චෝදනා යටතේ දැනට සිරගත කර සිටින එරට විපක්ෂ නායක ඇලෙක්සි නවෙල්නිගේ ආධාරකරුවන් මෙම විරෝධතාවන් සංවිධානය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේ ය.
මොස්කව් ශාන්ත පිටස් බර්ග් ඇතුලු නගර 80 ක පමණ ක්‍රියාත්මක වූ විරෝධතා අතර තුර එරට පොලිස් කැරලි මර්දන කණ්ඩායම් සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇති වූ බව සඳහන් ය.