රිදී ආලේපිත රත්‍රං තොගයක් සමග ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට

by Staff writer 10-09-2018 | 11:58 AM

COLOMBO (News 1st) - ඩුබායි සිට රත්‍රං තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ ඉන්දිය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ රේගුව පැවසුවේ ග්‍රෑම් 601 ක් බරැති අදාළ රත්‍රං තොගයේ වටිනාකම රුපියල් 39 ලක්ෂ එකොලොස් දහස් අටසිය අනූ පහක් වන බවයි. නිලධාරීන් නොමග යැවීම සඳහා සැකකරු අදාළ රත්‍රං තොගයේ රිදී ආලේප කර තිබූ බව ද රේගුව සඳහන් කළේ ය. සැකකරුගේ ගමන් මල්ලේ අදාළ රත්‍රං තොගය සඟවා තිබී ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.