කොග්ගල වෙඩි තැබීමක්: පුද්ගලයෙකුට තුවාල

by Staff writer 10-09-2018 | 6:31 AM

COLOMBO (News 1st) - කොග්ගල, තලාතුඩුව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රි 8.30 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 32 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි.