ක්‍රිකට් ආයතනයේ සිදුවන්නට ගිය මූල්‍ය වංචාව

ක්‍රිකට් ආයතනයේ සිදුවන්නට ගිය මහා පරිමාණ මූල්‍ය වංචාවක් වළක්වයි

by Staff writer 10-09-2018 | 1:32 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ නියමයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ, එළැඹෙන එංගලන්ත තරග සංචාරයට අදාළව විකාශන අයිතිය සම්බන්ධයෙන් වන අමෙරිකානු ඩොලර් මිලියන 5 කට අධික මුදලක් ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප්‍රධානියෙකුගේ පෞද්ගලික විදේශ ගිණුමකට බැර කරන ලෙස දැනුම්දී තිබු බවයි. තරග විකාශන කටයුතු සිදු කරන සමාගම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් තොරතුරු විමසා සිටියේ ය. එහිදී වහා ක්‍රියාත්මකවී ඇත ප්‍රධාන විධායක නිලධාරිවරයා මෙම ගනුදෙනුව අත්හිටුවා ඇති අතර පොලිස් විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලීමක් ද කර ඇත. මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් අද රාත්‍රි නිව්ස්ෆස්ට් ප්‍රධාන පුවත් තුළින් බලපොරොත්තු වන්න. https://www.facebook.com/NewsfirstSL/videos/2177783295813550/