ගෝඨාභය ඇතුලු හත් දෙනා ඇප මත මුදා හැරේ

by Staff writer 10-09-2018 | 10:46 AM

COLOMBO (News 1st) - රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 07 දෙනෙකුට එරෙහි නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

එහි ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් නියෝග කළේ, රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප හා ලක්ෂ 10 ක් බැගින් ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරීමටයි. එම නඩුව ලබන 09 වන දා යළි කැඳවීමට නියමිතව වේ.