අගමැති වියට්නාමයට - හිටපු ජනපති ඉන්දියාවට

අගමැති අද වියට්නාමයට - හිටපු ජනපති ඉන්දියාවට

by Staff writer 10-09-2018 | 6:52 AM

COLOMBO (News 1st) - තෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද වියට්නාමය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ, වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ආසියාන් ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහායි. ලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සහභාගී වනු ඇති. කලාපීය අනාගත ආර්ථික පූරෝකතන, ප්‍රවණතා සහ අභියෝග පිළිබඳව මෙවර සමුළුවේ දී අවධානය යොමු කෙරෙනු ඇත. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙදින සංචාරයක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත වේ. භාරතීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමී මහතාගේ ආරාධනයට අනූව හිටපු ජනාධිපතිවරයා මෙම ඉන්දීය සංචාරය සිදු කරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද මේ සංචාරයට එක්වීමට නියමිත ය. හිටපු ජනාධිපතිවරයා මේ සංචාරයේ දී එරට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිතව වේ.