2008සිට සමෘද්ධි සහනාධාරය නොලැබුණු වීරමානගර් වැසියෝ

2008 සිට සමෘද්ධි සහනාධාරය නොලැබුණු වීරමානගර් වැසියෝ

by Staff writer 09-09-2018 | 8:24 PM

COLOMBO (News 1st) - දින 13 ක සිට විවිධ ප්‍රදේශවල ගෙයින් ගෙට ගොස් ජනතාව හමුවන ගම්මැද්ද කණ්ඩායම් පොදු ගැටලු රැසක් හඳුනාගනිමින් සිටි.

බොහෝ දෙනෙකු අප සමග පැවසුවේ, බලය ලබාගන්නට දැඩි ලෙස උනන්දු වන නමුත් ගමේ ගැටලු විසඳීමේදී අදාළ බලධාරීන් තුළ ඒ උනන්දුව නොමැති බවයි. මූතූර්හි වීරමානගර් ගම්මානයේ සිටින්නේ උපකාර ඇවැසි වුවත් නොසලකා හැරුණු ගම්වැසියන් පිරිසක් යැයි කීම බොරුවක් නොවේ. එවක යුද්ධයෙන් බැට කෑ ඔවුන් ගම අත්හැර පළාගිය අතර නැවත පැමිණ ඇත්තේ 2008 වසරේදී ය. එදා සිටම සමෘද්ධි සහනාධාරය නැවත ඉල්ලුවත් මේ දක්නවා එය ලැබී නොමැත. දිළිඳුකමේ පතුළටම වැටුණු මේ ගම්වැසියන් අන්ත අසරණව සිටි. නගරය කිලෝමීටර 30 ක් දුරින් ඇති අතර ධාවනය වන්නේ එක ම බස් රථයක් පමණි. පානීය ජල හිඟයද ගම්වැසියන්ගේ මූලික ගැටලුවක් වනු ඇත. පවුල් 45 කින්ම වකුගඩු රෝගීන් හඳුනාගෙන ඇති අතර මෑත කාලයේ සිව්දෙනෙකු මියගිය බව ගම්වැසියන් ගම්මැද්ද කණ්ඩායම හා පැවසීය. මීට අමතරව රත්නපුර, කිරිමැටිතැන්න නවෝදයගමට අපේ කණ්ඩායම ගමන් කළේ, ගම්මැද්ද වැඩදහස යටතේ කලකට පෙර පීල්ලකුඹුර ජනතාවට ඉදි කරදුන් පාලම මතිනි. පවුල් 120 ක් සිටින මේ ගම්මානයේ ජනතාව පැවසුවේ, පොදු පහසුකම් සපුරාදීමට බලධාරීන් පියවර නොගන්නා බවයි. ප්‍රජා ශාලාවේ ඉදිකිරීම නතර කර ඇති අතර කසළ රැගෙන යාමද ක්‍රමවත්ව සිදුවන්නේ නැත. රත්නපුර, තිඹොල්කැටියේ සායනික මධ්‍යස්ථානය ගැබිණි මව්වරුන් සීයක් දෙසීයක් පැමිණෙන ස්ථානයකි. මෙහි බොහෝ පහසුකම් නොමැති බවත්, ඇතැම් මව්වරුන්ට වරු ගණන් සිටගෙන සිටීමට සිදුවන බවත් ගම්වැසියන් පැවසූහ. රංචමඩම හල්මිල්ලආර ගමේ පෙර පාසල දුටුවිට නම් ඇති වන්නේ ශෝකයකි. අපේ කණ්ඩායමට මෙහි අබලන් තත්ත්වය පෙනී ගියේ අනතුරකට අත වනන්නක් ලෙසිනි. තව ද කින්නියාහි ශ්‍රී සිත්ති විනායගර් කෝවිලේ වසන්ත මණ්ඩපයේ ඉදිකිරීම් අරඹමින් මුල්ගල තබන්නැයි ගම්වැසියන් ගම්මැද්ද කණ්ඩායමට ආරාධනා කළේ ය. අලන්කේනි සහ ඊච්චන්තීවු ගම්මානවලට ගොස් ජනතාව හමු වූ අපේ කණ්ඩායම ගැටලු විමසුවේ ය. යුධ සමයේ අතුරුදන් වූ සිය ඥාතීන්, දරුවන් යළි පැමිණෙතැයි ඔවුන් අදටත් බලා සිටි. කුලී වැඩකින් දිවි ගැටගසාගන්නා මේ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නය ජල හිඟයයි. සමෘද්ධි සහනාධාර නොලැබීම ගැන ද ඔවුන් අප හමුවේ අදහස් දැක්විය. ගම්මැද්ද කණ්ඩායමට හමු වූ තව ත් ප්‍රශ්නයක් ලෙස බෝගහවැව ජල මූලාශ්‍රවල අධික ලෙස මිනිරන් පවතිම අපට දැකිය හැකිය. බැවින් එම ජලය බීමට සුදුසු නැතැයි බලධාරීන් දැනුම් දී අති නමුත් පිරිසිදු ජලය සොයා ගැනීමේදී ඔවුන් මුහුණ පා ඇත්තේ බරපතළ ගැටලුවකටයි විල්ගමුවේ ගම් 39 ක වකුගඩු රෝගීන් 1500 පමණ හඳුනාගෙන ඇති බවත් 6 දෙනෙකු මියගොස් ඇති බවත් අපට දැනගන්නට ලැබුණි. වගාවට ජලය නොමැති නිසා ගොවීන් කුලීවැඩට යොමුව තිබේ. වන අලි ගැටලුවෙන් අසරණව සිටින පිරිසත් උඩවලයාගමදී අපට හමුවිය. සීගිරිය අවට පිහිටි මෙවැනි ගම්මානවල පොදු ගැටලුවද වන අලි උවදුරයි. පහසුකම් නොමැති නිසා පාසලට අනුයුක්ත කෙරෙන ගුරුවරුන් කෙටි කලකින් මාරුවීම් සාදාගෙන පිටව යන බව ද ගම්වැසියන් පැවසූ හ. වගාවට ජලය නොමැතිකම ද ඔවුන් හමුවේ ඇති තව ත් ගැටලුවකි.