by Staff writer 09-09-2018 | 3:08 PM
ආසියානු දැල් පන්දු ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.
ඒ, සිංගප්පුරුවේදී පැවැත්වෙන ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී සත්කාරක සිංගප්පුරු කණ්ඩායම පරාජය කරමිනි.
ශ්‍රී ලංකාව ආසියානු ශූරතාව හිමිකර ගත්තේ 5 වන වරටයි.
තරගාවලිය පුරා අපරාජිතව පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් මහා තරගයේදී සිංගප්පුරු ක්‍රීඩිකාවන් ගෝල 69 ට 50 ක් ක් ලෙස පරාජයට පත් කළේ ය.
ශ‍්‍රී ලංකාව මූලික වටයේදී ද සිංගප්පූරුව සමගින් තරග වැදුණු අතර එහිදී ලකුණු 74 ට 61 ක් ලෙස ජය වාර්තා කළේ ශ‍්‍රී ලංකා කණ්ඩායමයි.
මෙම ජයග්‍රහනයත් සමගින් මේ වනවිට වැඩිම වාර ගණනක් ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගෙන ඇත්තේ ද ශ‍්‍රී ලංකා කණ්ඩායම වීම විශේෂත්වයකි.
ශ‍්‍රී ලංකාව 5 වතාවක් ද සිංගප්පූරුව 3 වතාවක් ද ආසියානු ශූරතාවය හිමි කර ගෙන තිබෙන අතර ශ‍්‍රී ලංකාව අවසන් වරට ආසියානු දැල් පන්දු ශූරතාවයක් හිමි කර ගත්තේ 2009 වසරේදී ය.
තරගයේ වැඩිදුර තොරතුරු රාත්‍රි 7.00 අප ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
https://www.facebook.com/198849004165758/videos/1927104280927253/