පුද්ගල ඝාතනයකට අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 09-09-2018 | 7:41 AM
COLOMBO (News 1st) - වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ය. එම අවස්ථාවේදී ඔහු සන්තකයේ ජංගම දුරකතන 3ක් ද තිබූ බව පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි මාලිගාවත්ත, කොළඹ 10 පදිංචිකරුවෙකි. සැකකරු පසුගිය මස 26 වන දා මොහොමඩ් මුසම්බිලි සිත්ති රිනෝසා යන අයට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දී ඇති බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.