රුපියලේ අවප්‍රමාණය හමුවේ මෙරට විදේශ ණය ඉහළට

රුපියලේ අවප්‍රමාණය හමුවේ ‍මෙරට විදේශ ණය රු. බිලියන 34 කින් ඉහළට

by Staff writer 09-09-2018 | 6:26 PM

COLOMBO (News 1st) - රුපියලේ අගය අවප්‍රමාණයවීම හමුවේ මෙරට විදේශ ණය ඉහළ යමින් ඇතැයි ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙති.

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා සඳහන් කළේ, ඩොලරයේ අගය රුපියල් 162 සිට රුපියල් 163 දක්වා ඉහළ යාමත් සමග පසුගිය සතියේ මෙරට විදෙස් ණය රුපියල් බිලියන 34 කින් ඉහළ ගොස් ඇති බවයි. ඔහු සඳහන් කළේ, 2015 සිට ගත වූ වසර තුනක කාලය තුළ ඩොලරයට සාපේක්ෂ්ව රුපියලේ අගය රුපියල් 33 කින් අවප්‍රමාණය වී ඇති බවයි. පසුගිය මාර්තු මාසයේ සිට අගෝස්තු මාසය දක්වා වූ කාල සීමාවේ රුපියලේ අගය රුපියල් 6 කින් පහළ වැටී ඇති බව ද මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා ප්‍රකාශ කර තිබේ. පවතින තත්ත්වයට නිසි විසඳුමක් කඩිනමින් ක්‍රියාත්මක නොවේනම් තවදුරටත් රුපියල අවප්‍රමාණය වීමේ අවදානමක් ඇතැයි මහාචාර්යවරයා පවසයි.