ප්‍රදේශ රැසක උෂ්ණත්වය ඉහළට

ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවයි

by Staff writer 09-09-2018 | 4:55 PM

COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද දහවල් වන විට මොණරාගල ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.3 ක්, වව්නියාවෙන් 36.2 ක්, අනුරාධපුරයෙන් 35.4 ක්, පොළොන්නරුවෙන් 35.2 සහ නුවරඑළියෙන් සෙල්සියස් අංශක 22.5 ක් ලෙස සටහන් ව ඇති බවයි. උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ දහවල් කාලයේ සමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 ක ඉහළ යාමක් හම්බන්තොටින් වාර්තා වී තිබේ. එම කාලය තුළ යාපනය, බදුල්ල, කුරුණෑගල, වව්නියාව සහ නුවරඑළියෙ සමාන්‍ය උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 3 කින් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.