කීඩෑ උවදුරින් හානි වූ කුඹුරුවලට සහන

කීඩෑ උවදුරින් හානි වූ කුඹුරු ඉඩම්වලට සහන දීමට කැබිනට් පත්‍රිකාවක්

by Staff writer 09-09-2018 | 6:45 AM
COLOMBO (News 1st) - කීඩෑ උවදුර හේතුවෙන් හානි වූ කුඹුරු ඉඩම් සඳහා සහනයක් ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, එම කෘමි උවදුර මර්දනය සඳහා අමාත්‍යංශය මගින් අවශ්‍ය කෘමිනාශක යෙදවීමට පියවර ගන්නා බව ය. කීඩෑ උවදුර හේතුවෙන් මේ වන විට විනාශ වී ඇති අතර අක්කර ප්‍රමාණය 40,000කට අධික ය. ඉන් වැඩි හානි ප්‍රමාණයක් වාර්තා වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රමාණය අක්කර 30,000 ඉක්මවයි.