හිස නැති කොටියෙකුගේ සිරුරක් ගම්පොළින් හමුවෙයි

හිස නැති කොටියෙකුගේ සිරුරක් ගම්පොළින් හමුවෙයි

හිස නැති කොටියෙකුගේ සිරුරක් ගම්පොළින් හමුවෙයි

කර්තෘ Staff writer

09 Sep, 2018 | 4:44 pm

COLOMBO (News 1st) – ඝාතනය කර තිබු කොටියෙකුගේ සිරුරක් ගම්පොළ තේ වත්තකින් සොයාගෙන තිබේ.

නුවරඑළිය වනජීවි කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ, ලද තොරතුරක් මත සිදුකළ සෝදීසි කිරීමකදී එම කොටියාගේ සිරුර හමු වූ බවයි.

අඩි 6 ක පමණ දිගකින් යුක්ත මෙම කොටියා ඝාතනය කර කොටියාගේ හිස දඩයම්කරුවන් විසින් රැගෙන ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

හක්කපටස් හෝ වස මිශ්‍ර ආහාර ලබාදීමෙන් මෙම කොටියා ඝාතනය කර ඇතැයි සැකපළ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන්, ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා උඩවලව පශූ වෛද්‍ය කාර්යාලය වෙත රුගෙන යාමට නියමිත බව ද නුවරඑළිය වනජීවි කාර්යාලය සඳහන් කළේ ය.