රත්නපුරේ ගංගාවලින් මැණික් ගැරීමට අවසර ලබා දෙනවා

රත්නපුරේ සාමාන්‍ය ජනතාවට ගංගාවලින් මැණික් ගැරීමට අවසර - ජනපති

by Staff writer 08-09-2018 | 3:47 PM

COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි රත්නපුර ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට ගංගාවලින් මැණික් ගැරීමට අවසර ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ නිවිතිගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනි. ඊට අදාළ කටයුතු කරන්නැයි පොලීසියට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට උපදෙස් දුන් බව ද ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේ ය.