මැදවච්චියේ දරුවකු ජල ටැංකියකට වැටී මරුට

මැදවච්චියේ දරුවකු ජල ටැංකියකට වැටී මරුට

by Staff writer 08-09-2018 | 6:22 PM

COLOMBO (News 1st) - මැදවච්චිය, ළිඳ වැව ප්‍රදේශයේදී කුඩා දරුවෙකු ජල ටැංකියකට වැටී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 2 යි මාස 4 ක් වයසැති දරුවෙකි. දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර රෝහලට රැගෙන ගිය බව පොලීසිය සඳහන් කළේ ය.