නියමිත කාලයට දවසකට හෝ කලින් ජනාධිපතිවරණය නොපවත්වන බව ජනපති අවධාරණය කරයි

by Staff writer 08-09-2018 | 1:25 PM
COLOMBO (News 1st) - නියමිත කාලයට කලින් ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් ඒ පිළිබඳ තීරණය කළ යුත්තේ තමා බවත්, නියමිත කාලයට දවසකට හෝ කලින් ඡන්දයක් නොපවත්වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අවධාරණය කළේ ය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රත්නපුර, නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමිනි.