රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් අධ්‍යයනයක්

රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් අධ්‍යයනයක්

රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් අධ්‍යයනයක්

කර්තෘ Staff writer

08 Sep, 2018 | 6:39 am

COLOMBO (News 1st) – රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ, ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් එම අධ්‍යයනය සිදු කරමින් ඇති බව ය.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ලොව අනෙක් රටවල මුදල් ඒකක ද අවප්‍රමාණය වී ඇද්ද යන්න සම්බන්ධයෙන් ඉන් අධ්‍යයනය කෙරෙනු ඇති.

ඇය පෙන්වා දුන්නේ, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම වෙළෙඳපොළ බලවේග මත සිදුවන්නක් බව ය.

මෙම තත්ත්වය මෙරටට පමණක් නොව, ලෝකයේ රටවල් කිහිපයකට බලපා ඇතැයි ද ඇය සඳහන් කළා ය.