by Staff writer 07-09-2018 | 8:32 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව නඩු පවරන්නැයි නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
නිව්ස්ෆස්ට් කළ විමසීමකදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේ, ඇයට විරුද්ධව තම දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව ය.
දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ නඩු පවරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව නීතිපතිවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) වගන්තිය යටතේ නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව ය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව උත්සවයකදී කළ ප්‍රකාශයක් විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව මෙලෙස නඩු පැවරීමට හේතු වී තිබේ.