බ්‍රසීලයේ ප්‍රධානතම විපක්ෂ අපේක්ෂකයාට පිහි ඇනුමක්

බ්‍රසීල ජනාධිපතිවරණයේ ප්‍රධානතම විපක්ෂ අපේක්ෂකයාට පිහි ඇනුමක්

by Staff writer 07-09-2018 | 7:28 AM

බ්‍රසීල ජනාධිපතිවරණයේ ප්‍රධානතම විපක්ෂ අපේක්ෂක ජේයර් බොල්සනාරො මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුරදී පිහි ඇනුමකට ලක් ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දකුණු දිග බ්‍රසීලයේ ජියුස් ඩි ෆෝරා නගරයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදී සිටින අතරතුර ඔහු මෙම පිහි ප්‍රහාරයට ලක් වූ බවයි. ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ජේයර් බොල්සනාරොගේ තත්ත්වය මේ වන විට සුව අතට හැරෙමින් ඇතැයි ඔහුගේ පුත්‍රයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රසීල සමාජ ලිබරල් පක්ෂයේ සාමාජිකයකු වන ජේයර් බොල්සනාරො, ඔහුගේ දේශපාලන භාවිතය හේතුවෙන් නිවර්තන කලාපයේ ට්‍රම්ප් ලෙසින් විරුධාවලිය ලබා ඇති බවයි.