ඉක්වදෝරයේ ප්‍රබල භූ කම්පනයක්

ඉක්වදෝරයේ ප්‍රබල භූ කම්පනයක්

by Staff writer 07-09-2018 | 1:14 PM

ඉක්වදෝරයේ මැග්නිටියුඩ් ඒකක 6.3 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදු වී තිබේ.

අමෙරිකානු භූ විද්‍යා ආයතනය පැවසූවේ, භූ කම්පනය මධ්‍යම ඉක්වදෝරයේ සිට කිලෝමීටර 94 ක් දකුණු දිගින් පිහිටි ඇම්බැටෝ ප්‍රදේශයේ හටගෙන ඇති බවයි. එහි පැල්ම කිලෝමීටර 112 ක් බව වාර්තා වේ. භූ කම්පනයෙන් මෙතෙක් කිසිදු ජීවිත අහිමිවීමක් වාර්තා වී නොමැති අතර එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සඳහන් ය. මේ හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලිය ඇණ හිට ඇති අතර ගොඩනැගිලි සහ නිවාස රැසක් මින් විනාශ වී ඇත. විදෙස් වාර්තාහි සඳහන් වෙන්නේ, මෙම භූ කම්පනයෙන් පසු කම්පන 5 ක් සිදු වූ බවයි. ඉක්වදෝරයේ නිතර භූ කම්පන වාර්තා වන අතර 2017 වර්ශයේ ඇති වූ මැග්නිටියුඩ් ඒකක 7.8 ක කම්පනයෙන් පුද්ගලයින් 650 දෙනෙකුට අධික පිරිසක් මිය ගියහ.