English
தமிழ்
කර්තෘ Staff writer
07 Sep, 2018 | 8:55 am
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අනුව නාඩු සහ සම්බා වී කිලෝවක මිල රුපියල් 2.00 කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවයි.
ඊට අදාළ යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේ ය.
ඒ අනුව මෙතෙක් රුපියල් 38.00 කට පැවති නාඩු වී කිලෝවක් සඳහා ඉදිරියේදී රුපියල් 40.00 ක් දක්වා මිල ඉහළ යනු ඇති.
රුපියල් 41.00 ක් ව පවතින සම්බා වී කිලෝවක් රුපියල් 43.00 ක් දක්වා ඉහළ දැමීමට ද යෝජනා වී ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ, යල කන්නයේ වී අස්වැන්නෙන් මෙට්ට්‍රික් ටොන් 6000 ක් පමණ මේ වන විට වී අළෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති බවයි.
ඉන් වැඩිම අස්වනු මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙනි.
වී අස්වනු ලැබීම අවසන් වන තුරු වී මිලදී ගැනීම අඛණ්ඩව සිදුකරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
18 Sep, 2018 | 10:07 PM
23 Jun, 2018 | 07:28 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS