ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Hashini De Mel

07 Sep, 2018 | 7:09 am

COLOMBO (News 1st)

1. 2030 දක්වා නායකත්වයේ රැඳී සිටින බවට රනිල් වික්‍රමසිංහගෙන් ඉඟියක්: එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය ඊයේ දිනයේ සමරණු ලැබිණි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සම්මේලනයේදී උණුසුම් ප්‍රතිචාර ලැබුණු අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද පිරිස ඇමතුවේ ය.

2. බොරලැස්ගමුව, විහාර මාවතේ ගින්නකින් වෛද්‍යවරියක් මරුට: බොරලැස්ගමුව, විහාර මාවතේ නිවසක ඊයේ දහවල් හටගත් ගින්නකින් වෛද්‍යවරියක මිය ගොස් තිබේ.

කළුබෝවිල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඇය ගර්භනී කාන්තාවක් බව ය.

3. පාර්ලිමේන්තුව කල් තබයි: ඊයේ දිනයේ ඝණ පූර්ණය නොමැති වීමෙන් පාර්ලිමේන්තුව අදට කල් තබා ඇත.

4. අධිමාත්‍රාවෙන් යුත් මත්පෙති තොගයක් රේගු භාරයට: කොළඹ වරායේ බහාලුමක තිබි අධිමාත්‍රාවෙන් යුත් මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයට ලද තොරතුරක් අනුව රේගු නිලධාරින් සමග කළ වැටලීමකදී මෙම මත්පෙති තොගය සොයාගත් බවයි.

5. ආහාර විෂවීමකින් ළමුන් 54 දෙනෙක් වටවල රෝහලට: ආහාර විෂවීමක් හේතුවෙන් ළමුන් 54 දෙනෙකු වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ, වටවල පොලිස් වසමට අයත් ටෙම්පල්ස්ටො වතුයායේ පදිංචි අවුරුදු 1 – 10 දක්වා වූ පිරිමි සහ ගැහැණු ළමයි පිරිසකි.

විදෙස් පුවත්

6. ජපානයේ මැග්නිටියුඩ් ඒකක 6.7 ක භූ කම්පනයක්: ජපානයේ හොක්කයිදෝ දූපතේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

එහි ප්‍රභලත්වය සටහන් වූයේ, මැග්නිටියුඩ් ඒකක 6.7 ක් ලෙසයි.