ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ මැග්නිටියුඩ් ඒකක 6.7 ක භූ කම්පනයක්

by Staff writer 06-09-2018 | 8:56 AM

ජපානයේ හොක්කයිදෝ දූපතේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

එහි ප්‍රභලත්වය සටහන් වූයේ, මැග්නිටියුඩ් ඒකක 6.7 ක් ලෙසයි. භූ කම්පනයේ බලපෑම හමුවේ හටගත් නායයෑමකින් හොක්කයිදෝ දූපතේ නිවාස රැසකට හානි සිදු වූ අතර ඉන් පූද්ගලයන් රැසක් තුවාල ලබා ඇත. ප්‍රදේශ කිහිපයක විදුලිය ද ඇණහිට ඇති අතර ජපාන බලධාරීන් සඳහන් කළේ, හොක්කයිදෝ දූපතේ ගොඩනැගිලි මිලියන තුනක පමණ විදුලිය ඇණහිට ඇති බවයි. නායයෑම හමුවේ පුද්ගලයන් රැසක් සිය නිවෙස් තුළ සිරව ඇති අතර මහාමාර්ග ද අවහිර වී ඇත. හොක්කයිදෝ දූපතේ ඇතැම් ප්‍රදේශවල අධිවේගී දුම්රිය ධාවනය ද නවතා දමා ඇති අතර හොක්කයිදෝහි පාසල් රැසක් වසා දමා ඇති බව ද සඳහන් වේ. කෙසේ වෙතත් භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නැතැයි ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.