රැලියට ආ පුද්ගලයෙකු මරුට

රැලියට ආ පුද්ගලයෙකු මරුට - ආහාර විෂ වී 25 දෙනෙකු රෝහලට

by Staff writer 06-09-2018 | 8:34 AM

COLOMBO (News 1st) - ඒකාබද්ධ විපක්ෂය ඊයේ සංවිධානය කළ විරෝධතා රැලියට සහභාගී වූ පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත් ව තිබේ.

ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, හෘදයාබාධයක් වැළදීම හේතුවෙන් අදාළ රෝගියා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බවයි. හැටන් - තලවාකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 39 හැවිරිදි අදාළ පුද්ගලයා රැලියට සහාභාගී වී ඇත්තේ ප්‍රාදේශිය දේශපාලඥයෙකුගේ ආධාරකරුවකු ලෙසයි. මියගිය පුද්ගලයා තිදරු පියෙකු බව රැලියට සහභාගී වූ ඔහුගේ හිතවතෙකු සඳහන් කළේ ය. තව ද ආහාර විෂවීමක් හේතුවෙන් විරෝධතා රැලියට පැමිණි පිරිසක් ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රි 12.00 පමණ වන විට ඒ අතරින් 25 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර 8 දෙනෙකු ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.