කලපු ආශ්‍රිත ජලජීවි නිෂ්පාදන ඉහළ නැංවීමට පියවර

කලපු ආශ්‍රිත ජලජීවි නිෂ්පාදන ඉහළ නැංවීමට පියවර

by Staff writer 06-09-2018 | 11:54 AM

COLOMBO (News 1st) - දිවයිනේ කලපු ආශ්‍රිතව ජලජීවි නිෂ්පාදන ඉහළ නැංවීමේ වැඩසටහනක් ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යංශය මගින් ආරම්භ කර තිබේ.

මත්ස්‍ය නිපැයුම් ඉහළ නැංවීම, කලපු පිරිසිදු කිරීම සහ නව රැකියා අවස්ථා බිහි කිරීම මෙහි අරමුණු ලෙස සඳහන් ය. මෙහි මුල් අදියර යටතේ පුත්තලම, නයාරු, ආරුගම් බොක්ක, කොග්ගල, පානම, රැකව සහ මුන්දලම කලපු ආශ්‍රිතව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර මීට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 1000 ක් වනු ඇත.