ඒකාබද්ධ විපක්ෂයේ සත්‍යග්‍රහය අවසන්

ඒකාබද්ධ විපක්ෂයේ සත්‍යග්‍රහය අවසන්

by Staff writer 06-09-2018 | 7:06 AM

COLOMBO (News 1st) - ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජන බලය කොළඹට විරෝධතා රැලිය ඊයේ රාත්‍රියේ අත්හැර දැමීමට ඒකාබද්ධ විපක්ෂයට සිදු විය.

ඒ, ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ජනතාවට රැය පහන් වන තුරු රැදී සිටින ලෙස ඉල්ලීම් කළ ද ජනතාව රැදී නොසිටීම හේතුවෙනි. කොළඹ ස්ථාන කිහිපයක සිට ලේක්හවුස් මංසන්ධිය දක්වා ඊයේ පස්වරුවේ මෙම විරෝධතා රැලිය පැමිණියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. ලේක්හවුස් මංසන්ධියට විරෝධතාකරුවන් සමග පැමිණි හිටපු ජනාධිපතිවරයා ටික වේලාවකින් එම ස්ථානයෙන් පිටත්ව ගිය අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතාකරුවන් සමග ලේක්හවුස් වටරවුම අසළ රැදී සිටිය හ. හිටපු ජනාධිපතිවරයා යළි විරෝධතාකරුවන් අතරට පැමිණ ඔවුන් ඇමතුවේ රාත්‍රි 8.00 ට පමණ වේ. හිටපු ජනාධිපතිවරයා ජනතාවගෙන් එම ඉල්ලීම කරන විටත් විරෝධතාකරුවන් විසිර යමින් සිටි අතර රාත්‍රි 11.30 පමණ වන විට විරෝධතාව අතහැර දැමීමට ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායකයින්ට සිදු විය.   https://www.facebook.com/NewsfirstSL/videos/693236184379754/