ආහාර විෂවීමකින් ළමුන් 54 දෙනෙක් වටවල රෝහලට

ආහාර විෂවීමකින් ළමුන් 54 දෙනෙක් වටවල රෝහලට

by Staff writer 06-09-2018 | 7:32 AM

COLOMBO (News 1st) - ආහාර විෂවීමක් හේතුවෙන් ළමුන් 54 දෙනෙකු වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ, වටවල පොලිස් වසමට අයත් ටෙම්පල්ස්ටො වතුයායේ පදිංචි අවුරුදු 1 - 10 දක්වා වූ පිරිමි සහ ගැහැණු ළමයි පිරිසකි. ටෙම්පල්ස්ටො වතුයායේ රාජ්‍යය නොවන සංවිධානයකින් පවත්වාගෙන යන ආගමික ස්ථානයක් මගින් එහි සිටින පාසල් ළමුන් වෙනුවෙන් දිනපතා පාසල් නිමවීමෙන් පසු අමතර පන්තියක් පවත්වනු ලබන අතර එම පන්තියට පැමිණෙන ළමුන් වෙනුවෙන් ඊයේ සවස ලබා දුන් ආහාර අනුභව කළ ළමුන් පිරිසක් මෙලෙස රෝහල්ගත කර කෙරිණි. ළමුන් 160 කට අධික පිරිසකට ඊයේ සවස මෙලෙස ලබාදී ඇත්තේ බත් සහ කුකුළු මස් වන අතර ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී ළමුන් රෝහල්ගත කළ බවට අප වාර්තාකරු සඳහන් කළේ ය. රෝහල් ප්‍රකාශයෙක් සඳහන් කළේ, ආහාර විෂවීම හේතුවෙන් එම ළමුන් ක්ලාන්තය, වමනය සහ පාචනය යන රෝග ලක්ෂණවලින් පෙලෙන බවයි. රෝහල වෙත ඇතුළත් කළ සියලුම ළමුන් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබනු ඇත. මේ සම්බන්ධයෙන් වටවල පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙන් වෙන් වශයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1699975336797153/