අධිමාත්‍රාවෙන් යුත් මත්පෙති තොගයක් රේගු භාරයට

අධිමාත්‍රාවෙන් යුත් මත්පෙති තොගයක් රේගු භාරයට

by Staff writer 06-09-2018 | 10:08 AM

COLOMBO (News 1st) - කොළඹ වරායේ බහාලුමක තිබි අධිමාත්‍රාවෙන් යුත් මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයට ලද තොරතුරක් අනුව රේගු නිලධාරින් සමග කළ වැටලීමකදී මෙම මත්පෙති තොගය සොයාගත් බවයි. මත්පෙති තොගයේ වටිනාකම තවම තක්සේරු කර නොමැති අතර මෙය මෙරටට රැගෙන ආ නොහැකි වර්ගයේ අධිමාත්‍රා මාදක ඖෂධයක් බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය පැවසුවේ, මත්පෙති සොයාගත් බහාලුම ඉන්දියාවේ සිට කොළඹ වරායට රැගෙන විත් ඇත්තේ ලිබියාවට යැවීම සඳහා බවයි.