ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Hashini De Mel

06 Sep, 2018 | 6:35 am

COLOMBO (News 1st) 

1. ජන රැලිය නිසා කොළඹ දෛනික කටයුතු බිඳවැටෙයි: ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජන බලය කොළඹට විරෝධතා රැලිය ඊයේ කොළඹ, කොටුව ලේක්හවුස් මන්සංධියේදී පැවැත් විය.

විරෝධතා රැලිය පැවැත්වෙන ස්ථානය ඊයේ දහවල් වන තෙක් ප්‍රකාශ නොකළ අතර ගාලු පාර, කොළඹ පුරහල, මරදාන, මාලිගාවත්ත ඇතුළු ස්ථාන කිහිපයකින් කණ්ඩායම් ලෙස පැමිණි පිරිස පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට රැස්වී ලේක්හවුස් වටරවුම දක්වා පාගමනින් පැමිණියහ.

2. මහේන්ද්‍රන් රට ගිය පසු සබඳතා නැතැයි, අගමැති කියයි: හිටපු මහබැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් විදෙස්ගත වූ පසු තමාට ඔහු සමග සම්බන්ධතාවක් නැතැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

3. රාජ්‍ය දේපොළ වංචනිකයින්ටත් මරණ දඬුවම දිය යුතුයි – ජනපති: රාජ්‍ය දේපොළ හා මුදල් වංචා කරන පුද්ගලයින්ට ද මරණ දඬුවම දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

4. ඡන්ද නාම ලේඛනයට නම ඇතුළු කිරීමේ කාලය අවසන්: 2018 – ඡන්ද හිමි නාම ලේඛනයට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා දී තිබූ කාලය අදින් අවසන් වේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, මෙතෙක් එහි නම සඳහන් නොවූ පුද්ගලයින්ට අද දින දක්වා ඒ සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව යි.

5. කුණු කන්දේ ගින්නට හේතුව සොයා විමර්ශනයක්: බ්ලූමැන්ඩල් කුණු කන්දේ ඇති වූ ගින්නට හේතුව සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය, යුධ හමුදාව සහ පොලීසියේ නිලධාරීන්ගෙන් සමන්විත පර්යේෂණ කණ්ඩායමක් මේ සඳහා යොදා ගන්නා බවයි.

විදෙස් පුවත්

6. සේවා යෝජකයාගේ අවසර නැතිව කටාර් රටින් පිටවීමට අවස්ථාව: සිය සේවා යෝජකයාගෙන් පිටවීමේ බලපත්‍රයක් නොගෙන රටින් පිටවීමට කටාර් රාජ්‍යයේ සේවයේ නියුතු විදේශිකයන් බහුතරයකට අවස්ථාව ලබා දී තිබේ.

ඒ, විදේශීය ශ්‍රමිකයන් සඳහා රටින් පිටවීමේ වීසා ක්‍රමවේදයට අදාළ මතබේදාත්මක නීති ලිහිල් කරමිනි.