රාජ්‍ය දේපොළ වංචාවටත් මරණ දඬුවම?

රාජ්‍ය දේපොළ වංචනිකයින්ටත් මරණ දඬුවම දිය යුතුයි-ජනපති

by Staff writer 05-09-2018 | 5:56 PM
COLOMBO (News 1st) : රාජ්‍ය දේපොළ හා මුදල් වංචා කරන පුද්ගලයින්ට ද මරණ දඬුවම දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති උත්සවයකට එක්වෙමිනි. මේ අතර ජනාධිපතිවරයා පැවසුවේ, සිය නිල කාලය තුළ මෙය ක්‍රියාත්මක වුවහොත් වැරදිකරුවෙකුට හෝ දෙදෙනෙකුට දඬුවම් ලබා දීමට ද සූදානම් බවයි. තවද බොහෝ පුද්ගලයින් වැරදි සිදු කරන්නේ ඒවාට දඬුවම් නොමැති නිසා බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=rZm2XDMUWGE