රාජ්‍ය ආයතන පරිශ්‍රවල පොල් සිටුවීමට පියවර

රාජ්‍ය ආයතන පරිශ්‍රවල පොල් සිටුවීමට පියවර

by Sagarika Chathumali 05-09-2018 | 9:47 AM
COLOMBO (News 1st) : පූජා භූමි සහ රාජ්‍ය ආයතන පරිශ්‍රවල පොල් වගාව දිරි ගැන්වීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබේ. එම මණ්ඩලය සඳහන් කළේ, පාසල් පරිශ්‍ර 250ක සහ රාජ්‍ය ආයතන 250ක පොල් පැළ වගා කිරීමට පියවර ගෙන ඇති බවයි. පූජා භූමි 250ක් තුළ ක්ෂේත්‍ර වැඩසටහන් හා කප්රුක වැඩ සටහන් 250ක් ද ක්‍රියාත්මක කරන බව මණ්ඩලය සඳහන් කළේ ය.