රංජන්ට එරෙහි නඩුව දින තුනක් අඛණ්ඩව විභාගයට

රන්ජන්ට එරෙහි නඩුව දින තුනක් අඛණ්ඩව විභාගයට

by Staff writer 05-09-2018 | 11:13 AM
COLOMBO (News 1st) : අධිකරණයට අපහාස කීරීමේ චෝදනා සම්බන්ධයෙන්, නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහි නඩුව ලබන දෙසැම්බර් මස 10,11,12 වන දිනවල පංචපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේ ය. අද දිනයේ නඩුව කැඳවනු ලැබුවේ, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු සාක්ෂිකරුවන් 14 දෙනෙකුගෙන් සමන්විත සාක්ෂිකරුවන්ගේ ලේඛනයක් නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණවට ඉදිරිපත් කළේ ය. මීට අමතරව ප්‍රදර්ශන භාණ්ඩ ලෙස සාක්ෂි ඇතුළත් DVD 4ක්, පුවත්පත් 4 පළ වූ ලිපි අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සාක්ෂිකරුන් 14 දෙනෙකුගෙන් 6 දෙනෙකුට ලබන 10 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, දන්වා අද සිතාසි නිකුත් කෙරිණ. අධිකරණයට අපහාස කීරීම,  නියෝජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක, ශ්‍රේෂ්ඨාධිකරණය